Song Page - Lyrify.me

Lyrify.me

Jeewithe Slow by EskennyWorld Lyrics

Genre: rap | Year: 2020

[Mekath Haduwe Taizy Boy]

[Hook]
ගෙවෙන්නේ ජීවිතේ Slow (slow)
හීන නම් වැඩිවෙයි More (more)
යැදපු දෙවියන් කෝ බං දැන් (ah)
සීමා නෑ හති නම් වනද්දී Flow (flow)
ජීවිතේ slow, හීන නම් more
යැදපු දෙවියන් කෝ? (Ehh)
සීමා නෑ කාටවත්
Adress නෑ කාගෙවත්
ඔලුව වනද්දී Dope flow

[SDill]
Look… ගෙවෙනවා ජීවිතේ හති නෑ මම නම් පැන්නුවා limit (eh)
කරද්දී හොදයි ඒත් කියද්දි මුහුණට ගැහුවා වගේ acid
(eh) කිබුල්ලු නම් දරුණුයි ඒත් බඩගින්නට උන් කයි කිරි මැටිත්
දැනගෙන රගපන් බං ජීවිතේ හැටි ආතල් වැඩි මරාගද්දි බෙදාගෙන පැති

තේරුමක් නැති උන්ගේ සද්ද බද්ද (what)
වෙන්න එපා විහිලුවක් ලැජ්ජ නැද්ද
ගොඩක් උන්ට දැන් ප්‍රශ්නයක් rapද trapද
පෝලිමේ වරෙන් බෙහෙත් ගන්න Um the Doctor (ehhh)
(Yeah) Um the doctor කන්න එපා බං කර්මාන්තේ මෙන්න වැන්දා
Chain පන්නපු පලියට වෙයිද gangstah ඇන්දොත් අපි හරියට මුන්ට rastha
Nigga හැදියන් මුලින්ම වැරදි හොයන්න එපා
අනුන්ගේ උපදෙස් නම් මට එපා, මිනිස්සුත් සත්වයන් බං දෙපා
ගෙවෙන්නේ යලට මහට පාවෙන ජීවිත බොරු සෝබන රටා
පෙන්නන්නේ නැති දේවල් උන් මාවා, දකිද්දී හීනා මට බං (HaHa)

තනිකමක් නෑ මට වට කරන් ඉන්නේ මං හාවියන් (හාවියන්)
හීන ලෝක වල පාවීයන්, එක දෙක හැබැ වෙද්දී හිනාවෙයන් (ehh)
ජීවිතේ ගෙවීගෙන යන්නේ දැන් slow, එකට කාලා බිලා හිටපු යාලුවො අද කෝ
රෝමෙන් හිටපු උන් අද peace කියයි bro!! මං නම් peace නෑ බොරු seen නෑ සීමාවක් නෑනේ ඩෝ

[Hook]
ගෙවෙන්නේ ජීවිතේ Slow (slow)
හීන නම් වැඩිවෙයි More (more)
යැදපු දෙවියන් කෝ බං දැන් (ah)
සීමා නෑ හති නම් වනද්දී Flow (flow)
ජීවිතේ slow, හීන නම් more
යැදපු දෙවියන් කෝ? (Ehh)
සීමා නෑ කාටවත්
Adress නෑ කාගෙවත්
ඔලුව වනද්දී Dope flow

[EskennyWorld]
ගෙවෙන්නේ ජීවිතේ slow (ye!) හීන නම් වැඩි වෙයි More (ye!)
ඇස් දෙකෙන් දැක්ක දේවල් මං දැන් කියන්නේ දිනුම ගාවම පරදිනෝ (yo!)
පෙරලෙන ගලක බැඳෙයිද පාසි, හෙව්වේ නෑ කාසි, හෙව්වේ නෑ වාසි...
සල්ලි කෝ? සල්ලි නෑ , ඉතින් මං පලි නෑ, කාගෙන්වත් ඉල්ලන්නෑ ඒකයි මේ ලේසි
කපාගෙන නම් එන්නේ නෑ කාවත්, පැරදුණා බං සෙල්ලමෙන් හාවත්
වැරදුණත් මට එක පාරක්, දෙපාරක් වෙන්නෑ ඒ දේ කවදාවත්
එකම හැන්ඳෙන් මං බෙදන්නේ කාටත්, සාමාන්‍ය කොල්ලෙක් මං හොයන්නෑ පාටක් (තාමත්)
මට වැඩක් නෑ, හොයාගෙන නෑ, හරියට දන්නේ නෑ nigga මං මාවත්

කාවත් ගණන්ගන්නේ නෑ කලින් ආවත්, ලොකු අතු අල්ලන් දඟලපු එකයි වැරද්ද
ජීවිතේ තරඟයක් අවසානේ කනත්ත, ජන්මෙට වඩා ලොකුයි මට මගේ පුරුද්ද
දැනගෙන ඉන්නේ මරාල, කවදාවත් නම්මගන්න බෑ මාව මලාට
පින පල දෙන්නේ නෑ homie පව් කරාම, උඹ ගැහුවේ ජරාව, හම්බ කරන් කෑවා මදිවට කෑවා කලාව

කට ඇරියොතින් බොලා බොරු හිලක්නේ (why), ලොකු වාහන පෙන්නලා පදින්නේ බොලා කරත්තේ
ඒත් අල්ලන්න කතාව අනන්තේ, මගේ වදන් උණ්ඩ වලට වෙලා බොලා ඉලක්කේ (ha)
කිව්වා rich..... outta Pitch..... යැව්වා කියලා වෙන්නේ නෑ Blueface (Aww)
උඹම දන්නෝ බං කවුද real කවුද fake.. සල්ලි, යාළුවෝ කියලා දුන්නේ ජීවිතේ

[Hook]
ගෙවෙන්නේ ජීවිතේ Slow (slow)
හීන නම් වැඩිවෙයි More (more)
යැදපු දෙවියන් කෝ බං දැන් (ah)
සීමා නෑ හති නම් වනද්දී Flow (flow)
ගෙවෙන්නේ ජීවිතේ Slow (slow)
හීන නම් වැඩිවෙයි More (more)
යැදපු දෙවියන් කෝ බං දැන් (ah)
සීමා නෑ හති නම් වනද්දී Flow (flow)

(Ehhhhh)