Song Page - Lyrify.me

Lyrify.me

Bambara Nade by Bachi Susan Lyrics

Genre: pop | Year: 2013

නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ...

ප්‍රාර්තනා තවරා ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ
ඇගිලි තුඩු තදකර මගෙ නලලේ
සිබින සියුමැලි නුබෙ දෙතොලතරේ
ගැබුරු හද කැලබුව ඔය කදුලේ
රහස නොහැගේ මගෙම ළදුනේ

දෑත් විදා ලමැදේ ආදරේ
දෙන්න විදගන්න රිසිසේ
නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ
ලබන හැම ආත්මයම ඔබගේ
ළගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දීම් දිවි කතරේ
නොයමි රහසේ රකිමි පනසේ
නිහඬ ගමනේ...